Skip to main content

නීතියේ ආදිපත්‍ය, අධිකරණයේ ස්වාදිනත්වය

නීතියේ ආදිපත්‍ය, අධිකරණයේ ස්වාදිනත්වය, නීතියේ ඉදිරියේ සැවොම සමානය යන නෛතික සංකල්පය පොතට පමණක් නොව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන රටවල, නිතිඥ ධුරයේ ගෞරවය කෙලෙසන, සේවාදායකින් වංචා කරන, සේවා ගාස්තු වංචා කරන නිතිඥයින්ට කිසිම සමාවක් නැත.
එංගලන්තයේ වසරකට එවැනි වෘත්තියේ ගෞරවය කෙලෙසන නිතිඥයින්ට 200 -300 ක් පමණ වෘත්තියෙන් නෙරපා හැරෙයි, දණ්ඩන පැනවෙයි, අමතර අහිමිකිරීම් නියම වෙයි. පරීක්ෂණ අවසන් වනතුරු කාර්යාල සීල් තබා වසා දමයි. කොටින්ම කිවතොත් වසරක් පාසා වෘත්තියේ යෙදීමට බලපත්‍රය අලුත් කල යුතු අතර සේවා දායකයින්ගේ ආරක්ෂාව සඳහා indemnity insurance බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වෙයි.
Indemnity Insurance තිබීමෙන් යම් දණ්ඩනයක් නිතිඥකුට පැනවුවහොත් එය ගෙවීම එයින් නිශ්චිතවම තහවුරු කෙරෙයි. තවද එවැනි දණ්ඩනයක් ඉන්ෂුවරන්ස් සමාගමින් අයකළ විට එම නිතිඥයා ඊළඟ වසර සඳහා Indemnity Insurance ලබාගැනීමේදී ඔහුට එරෙහිව දණ්ඩන පැනවීම නිසා නැවත ඉන්ෂුවරන්ස් ගැනීමේදී අධික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. මෙම ක්‍රියාදාමය වෘත්තියට නුසුදුසු බොහෝ නීතිඥන් වෘතියෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස මැනවින් ක්‍රියාත්මක වෙයි.
මේ කිසිවක් ලංකාවේ ක්‍රියාත්මක නොවේ. සේවාදායකයෝ ගසා කෑම, වංචා කිරීම, රැවටීම, රස්තියාදු කිරීම පැතිරෙන්න ප්‍රදාන හේතුව ශ්‍රී ලංකාව නීතිය වල්වැදුණු රටක් බවට පත්වීමයි. කණගාටුයි කියන්න, සේවා ගාස්තුව ගෙවාගත නොහැකිවූ අසරණ සේවා සේවාදායකයාගේ බෙල්ලේ තිබු රං මාලය කඩාගත් නිතිඥයින් දෙදෙනාට දඬුවම් කිරීම පසෙක ලා අධිකරණයට කැඳවා හිස අතගාන රටක් මේක.
නීතියේ ආධිපත්‍ය ගරුකරන අධිකරණයේ ස්වාධීනත්වය ගරු කරන නීතියේ ඉදිරියේ සැවොම සමානය යන නෛතික සංකල්පය පොතට පමණක් නොව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන එංගලන්තයේ සේවා දායකයා අසාධාරණ ලෙස රස්තියාදු කිරීමම නිතිඥයකු ගෙදර යැවීමට ප්‍රමාණවත් වරදක් වෙයි.
පහත දක්වා ඇති web අඩවියට ගොස් බලන්න. මෙය එරට නීති සංගමය සති පත නිකුත්කරන law gazette එකේ අලුත්ම කලාපයේ, ආචාර ධර්ම කඩකළ නීතිඥයන්ට එරෙහිව එම සතියේ වාර්තා වූ දුෂිත නිතිඥයන්ට එරෙහිව ගන්නා ලද විනය ක්‍රියාමාර්ග සම්බන්දව රටේ ජනතාව දැනුවත් කිරීමේ නිවේදනයකි. මෙම නිවේදන නිබඳව සතිපතා පලකෙරෙයි.
මෙම කරුණු හෙලිකිරීම, රටක නීතිය වල්වැදුණු විට රටේ ජනතාව අසරණය යන්න තහවුරු කෙරෙන තවත් අවස්ථාවක්.
ලංකාවේ අපරාද නීතිය ක්‍රියාත්මක වන්නේ කිසිවක් කර කියාගන්න බැරි අසරණයාටය. සිරගෙවල් ඇත්තේ එදා වෙලා කන්න නැතිව පොල්ගෙඩියක් වැනි යමක් ජීවිතය ගටගසාගන්න බැරිව සොරකම් කිරීමට තල්ලු කල අහිංසක මිසිස්සුන්ටය. අද ලංකාවේ සිරගෙවල් වලින් 50% කට වඩා පිරී ඇත්තේ කිසිවක් කරකියාගන්න බැරිව ජීවිතය එපාවී කුඩු භාවිතාකිරීමට පෙළඹී ඇති පාවිච්චියට කුඩු ග්‍රෑම් එකක් ළඟ තියාගත් අහිංසක මිනිස්සු වෙයි. බොහෝ විට ඔබ එය දන්නෙත් නැතිව ඇති.
අන්ධයෝ වගේ මනසින් අන්ධ දේශපාලකයෝ පස්සේ යන්නේ ඔබයි. රට අසරණ කර ඇත්තේ ඔබයි. සියල්ලටම කලින් ඔබ ඒක දැනගන්න ඕන. මේ රටේ කුඩු රටට නීතිවිරෝදීව අනයනනය කරන, රටේ සම්පත් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරන නියම අපරාධකාරයෝ ඉන්නේ කොහෙද? ඒක මහින්ද රාජපක්ෂගෙන් සිරිසේනගෙන් ඔබ අසා දැනගතයුතු වැදගත් ප්‍රශ්නයක්. ඔවුන්ට නාම යෝජනා දීල "ජනතා පුත්‍රයින්" කරලා. අද ඔවුන් ඉන්නේ අන් කිසිතැනක නොව උත්තරීතර පාර්ලිමේන්තුවේ. ඔබ අන්ධයින් මෙන් ඔවුන්ට චන්දය දී පත්කරගෙන ඔවුන්ට වැඳ නමස්කාර කරමින් ඔවුන්ට කඩේ යනවා.
මේක ඉතාමත් කණගාටුදායක තත්වයක්. රටේ සියලු මාද්‍ය ආයතන ඔබව ලස්සනට අන්දනවා (එකක් දෙකක් හැර), ඔබ ඒක දන්නෙත් නැහැ. බුද්ධිමත් කීපදෙනෙක් හරි සමාජයේ ඉන්නවා. පරම සත්‍ය දැනගැනීමට ඔවුනට ඇති අයිතියට අපි ගරුකළ යුතුයි. එම අයිතියට අපි සියලුදෙනා අනිවාර්යෙන්ම හිස නැමිය යුතුයි.

Comments