Posts

නීතියේ ආදිපත්‍ය, අධිකරණයේ ස්වාදිනත්වය

නීතියේ ආදිපත්‍ය, අධිකරණයේ ස්වාදිනත්වය, නීතියේ ඉදිරියේ සැවොම සමානය යන නෛතික සංකල්පය පොතට පමණක් නොව ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන රටවල, නිතිඥ ධුරයේ ගෞරවය කෙලෙසන, සේවාදායකින් වංචා කරන, සේවා ගාස්තු වංචා කරන නිතිඥයින්ට කිසිම සමාවක් නැත. එංගලන්තයේ වසරකට එවැනි වෘත්තියේ ගෞරවය කෙලෙසන නිතිඥයින්ට 200 -300 ක් පමණ වෘත්තියෙන් නෙරපා හැරෙයි, දණ්ඩන පැනවෙයි, අමතර අහිමිකිරීම් නියම වෙයි. පරීක්ෂණ අවසන් වනතුරු කාර්යාල සීල් තබා වසා දමයි. කොටින්ම කිවතොත් වසරක් පාසා වෘත්තියේ යෙදීමට බලපත්‍රය අලුත් කල යුතු අතර සේවා දායකයින්ගේ ආරක්ෂාව සඳහා indemnity insurance බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වෙයි. Indemnity Insurance තිබීමෙන් යම් දණ්ඩනයක් නිතිඥකුට පැනවුවහොත් එය ගෙවීම එයින් නිශ්චිතවම තහවුරු කෙරෙයි. තවද එවැනි දණ්ඩනයක් ඉන්ෂුවරන්ස් සමාගමින් අයකළ විට එම නිතිඥයා ඊළඟ වසර සඳහා Indemnity Insurance ලබාගැනීමේදී ඔහුට එරෙහිව දණ්ඩන පැනවීම නිසා නැවත ඉන්ෂුවරන්ස් ගැනීමේදී අධික ගාස්තුවක් ගෙවීමට සිදුවේ. මෙම ක්‍රියාදාමය වෘත්තියට නුසුදුසු බොහෝ නීතිඥන් වෘතියෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස මැනවින් ක්‍රියාත්මක වෙයි. මේ කිසිවක් ලංකාවේ ක්
Recent posts